BREAKING NEWSEXCLUSIVEPOLITICS

රුසියානු – යුක්‍රේන යුද්ධයේ උච්ඡතම අවස්ථාව එළඹෙයි..!

රුසියාවට යුක්‍රේනයේ කිව් අගනුවර බලය අල්ලාගැනීමට තවත් කිලෝමීටර් ඉතාම සුළු ප්‍රමානයක් පමනක් ඇති බවට වාර්තා වනවා.

ආක්‍රමණය දැඩි කරමින් යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත රුසියානු හමුදා මීට සුළු මොහොතකට පෙර ඇතුළු වී තිබෙනවා.

යුක්රේනයේ “කිව්” අගනුවර තෙල් ගබඩාවට රුසියාවෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් අද උදෑසන එල්ල කර ගිණිඹත් කර දමනු ලැබුවා.

යුක්රේනයට ගුවනින් බෝම්බ හෙලිමත් අද උදෑසන නිල වශයෙන් ආරම්භ වූ අතර, තවමත් ගොඩබිම දරුණු සටන් පවතින බව වාර්තා වනවා.

යුක්රේන සන්නිවේදන පද්ධතියට සිදු වූ හානිය යථා තත්වයට පත් කිරිමට ස්පේස් එක්ස් හි ප්‍රධානි එලෝන් මස්ක් මැදිහත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනූව ස්ටාර් ලින්ක් චන්ද්‍රිකා පද්ධතිය හරහා සන්නිවේදන කටයුතු යථා තත්වයට පත් කර තිබෙන අතර, සටනේ තීරණාත්මක අවසන් කොටසට දැන් ලගා වෙමින් පවතී.

ඉදිරි දින දෙක තුල යුක්‍රේනය බොහෝ විට පූර්ණ යටත් වීමකට හෝ සාම සාකච්ඡා සදහා යනු ඇති බව යුධ විශ්ලේෂකයින්ගේ අදහසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button