BREAKING NEWSEXCLUSIVE
රුසියාව විසින් සිය රට තුළ Facebook, Twitter සහ YouTube අවහිර කරයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් සිය රට තුළ Facebook, Twitter සහ YouTube සමාජ මාධ්‍ය ජාල අවහිර කර තිබෙනවා.
රුසියානු රජය ෆේස්බුක් අවහිර කර ඇති බව සිකුරාදා නිවේදනය කළේය. එය නිවේදනය කර පැය කිහිපයක් ඇතුළත, ට්විටර් ද අවහිර වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි සදහන් වේ.
පෙබරවාරි 24වනදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු හුවමාරුවෙමින් පවතින සාවද්‍ය තොරතුරු සදහා වැට බැදීමක් ලෙස මෙම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.
රුසියාවේ මාධ්‍ය නියාමක රොස්කොම්නාඩ්සෝර් පවසා ඇත්තේ, ෆේස්බුක් විසින් රුසියානු මාධ්‍ය සහ තොරතුරු විකෘති කොට ප්‍රචාරය කිරීම් 26ක් වාර්තා වී ඇති බවය.
මේ අතර ෆේස්බුක් අයත් ප්‍රධාන සමාගමවන මෙටා හි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති නික් ක්ලෙග් පැවසුවේ “අපගේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම අපි දිගටම කරගෙන යන්නෙමු.“ යනුවෙනි.