BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS
සිවිල් වැසියන්ට ඉවත් වීම සදහා රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි..!

සිරව සිටින යූක්‍රේන සිවිල් වැසියන්ට ඉවත් වීම සදහා රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කර තිබෙනවා.
යුක්රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා මෙලෙස රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් සටන් විරාම කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
යූක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිවනවා.
කෙසේවෙතත් රුසියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය සම්බන්ධයෙන් යුක්රේනය විසින් මෙතෙක් කිසිදු ආකාරයක තහවුරු කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා.