BREAKING NEWSEXCLUSIVE

යුක්රේනයේ ගැටුමෙන් රුසියාවටත් බරපතල හානියි

මේ වන විට රුසියාව විසින් පැති 03කින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙපාර්ශවය අතර බිහිසුණු සටන් ඇවිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ගැටුම නිසා යුක්රේනයේ පුද්ගලයින් 50 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර නොනිල වාර්තා අනුව එම සංඛ්‍යාව 100 ඉක්මවනු බවත් සදහන් වේ රුසියාව විසින් යුක්රේනයේ පිහිටි ගුවන් තොටුපොළවල් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල, ගුවන් ප්‍රහාර එල්ල කරන අතර අද දහවල් පැය කිහිපයක විරාමයකින් පසුව යලිත් රුසියාව විසින් යුක්රේනය වෙත ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කර තිබෙනවා.
යුක්රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් රුසියාවේ හෙලිකොප්ටර් යානා 05ක් සහ ප්‍රහාරක ජෙට් යානා 06ක් ප්‍රහාර එල්ල කර විනාශ කළ බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.
සිය හමුදාවන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදා භටයින් 50 දෙනෙකුට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් හිදී රුසියානු සහ යුක්රේන හමුදා භට පිරිස් අතර මුහුණට මුහුණලා දැඩි සටන් ඇවිලී ගොස් ඇති අතර එහිදී රුසියානු යුද ටැංකි ඇතුළු බර වාහන රැසක් විනාශ කිරිමට යුක්රේන භට පිරිස් සමත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
එහිදී ඇතිවූ ගැටුම් වලදී රුසියානු හමුදා භටයින් දෙදෙනෙකු සිය භාරයට ගැනීමට ද යුක්රේන භට පිරිස් සමත්ව ඇත.
මේ අතර රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ Gostomel හි පිහිටි ගුවන් හමුදා කඳවුර සිය ග්‍රහණයට ගෙන ඇති බව සඳහන් වනවා.යුක්රේන අගනුවර ඇතුළු එරට ප්‍රදේශ රැසක රුසියානු ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා පියාසර කරන අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.මේ අතර අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවල් රැසක් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කර ඇති අතර රුසියානු ජනාධිපති විසින් යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමට දුන් නියෝගය දැඩිව හෙලා දැක සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button