
පාකිස්තානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පාකිස්තාන දෙවන ඉනිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ මවිත වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක පවසනවා.
එහිදී ඔහු පැවසූවේ කණ්ඩායම් රැස්වීමේදි සකස් කළ සැලසුම් සහ ලබා දුන් උපදෙස් වලින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රීඩා කළ බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ කඩුලු තුනකට ලකුණු 555ක් රැස් කිරීම විශේෂත්වයකි.
එහිදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් යුගල වන ශාන් මසූද් සහ අබීඞ් අලී ශතක වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 278 ක්.
ඉන්පසුව නොම්මර තුන හා නොම්මර හතර ක්‍රීඩකයන් වූ අසාර් අලි සහ බාබර් අසාම් ද ශතක රැස් කළා.