නවකවදය වෙනුවට ආදරය බෙදයි – රුහුණේ නවකවද පිස්සන්ට උපකුලපතිගෙන් තවත් කනේ පහරක්

මෙරට නවකවදය ක්‍රියාත්මක විශ්ව විද්‍යාල වලින් ප්‍රධාන වන්නේ රුහුණු විශ්ව විද්‍යාලයයි. ඒ නවකවදය ක්‍රියාත්මක කරවනා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතිශය බලවත්ව සිටින්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ වීම හේතුවෙනි.
එනමුදු පසුගිය සමයේ රුහුණු විශ්ව විද්‍යාලයේ නවකවද ක්‍රියාකාරකම් සීග්‍රයෙන් අඩුවුනි. ඒ රුහුණු විශ්ව විද්‍යාලයට පත් වූ නව උපකුලපති, මහාචාර්ය සුජීව අමරසේන මහතා හේතුවෙනි.
මහාචාර්ය සුජීව අමරසේන මෙරට කීර්තිමත්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි.
සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරු නවකවදයට එරෙහිව කටයුතු කරන්නේ නැත. ඒ ශිෂ්‍යයන්ට සහ ඔවුන් මෙහෙයවන දේශපාලන පක්ෂ වලට ඇති බිය හේතුවෙනි. නමුත් සුජීව අමරසිංහ බිය නොවී කටයුතු කළේය. නවකවදය ලබා දෙන කළුවර කාමර වැටලූවේය. නවක සිසුන් බේරාගත්තේය.
ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ නවකවදය නවතා දැමීමට කොතරම් ක්‍රියාමාර්ග ලබා ගත්තාද කියතොත් මේ වනවිට අන්තරය මෙන්ම ඔවුන් මෙහෙයවන පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ පවා ප්‍රමුඛම සතුරෙක් වී සිටියි.
මේ අතර මහාචාර්ය සුජීව අමරසේන මහතා ක්‍රියාත්මක කළ නව සංකල්පයක් කතාබහක් ඇති කර තිබේ.
එනම් මෙතෙක් රජයේ විශ්ව විද්‍යාලවල සිදු වූයේ නවක සිසු සිසුවියන්, ජ්‍යේෂ්ඨ සිසුන් සරසවියට පිළිගැනීමයි. ඉන්පසු නවක සිසුන්ගේ මෝල සෝදා ඔවුන් පරිපාලනයට වෛර කරනා රොබෝවරුන් පිරිසක් බවට පත්කිරීම සාමාන්‍ය ක්‍රමයයි.
කෙසේ වෙතත් මෙවර රුහුණු විශ්ව විද්‍යාලයට පැමිණි නවක සිසු සිසුවියන් පිළිගත්තේ මහාචාර්ය සුජීව අමරසේන ප්රමුඛ විශ්ව විද්‍යාල පරිපාලනය විසිනි.
එහිදී ඔවුන් නවක සිසුන් සමග ගී ගයමින් විනෝද වීම විශේෂත්වයකි.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්,