BREAKING NEWSEXCLUSIVE

පෙරටුගාමී පක්ෂය මාරාවේස වෙයි, නවකවදය දෙන්නම පක්ෂයේ ලොක්කෙක් මාතර ගිහින් – නවකවදය දරාගත නොහැකිව රුහුණේ සිසුවියක් රෝහල් ගත කෙරේ

වේදනා නාශක පෙති අධික ප‍්‍රමාණයක් පානය කිරීම හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාල‍යේ සිසුවියක් ගාල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රුහුණු ජාතික විද්‍යාපීඨයේ සිසුවියකි.

නවකවදය දරා ගත නොහැකිව ඇය මෙසේ පෙනඩෝල් අධිමාත්‍රාවෙන් පානය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිසුවියගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ නවකවදය මැඩීම සඳහා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැඩි ලෙස පියවර ගෙන තිබියදීත්, එම උපක්‍රමයන්ගෙන් රිංගා නවකවද භීතිකාව පැතිරවීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැඩි වෙහෙසක් ගනිමින් සිටිනා බව වාර්තා වේ.

ඒ සඳහා අන්තරය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන කමිටු නායකයන් මාතරට පැමිණ, නවකවද ක්‍රියාවලිය පුද්ගලිකව සොයා බැලීමට තරම් ඔවුන් මැදිහත් වී තිබෙන බව වාර්තා වේ.

ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රධාන බල කඳවුර රුහුණු විශ්ව විද්‍යාලය වීම නිසාත්, එක් වසරක් හෝ නවකවදය ක්‍රියාත්මක නොවුනහොත් එය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශ්ව විද්‍යාල දේශපාලනයට දැඩි තර්ජනයක් වීම හේතුවෙනි.

ඒ හේතුවෙන් මෙවරත් කෙලෙසක හෝ නවකවදය ක්‍රියාත්මක කොට නවක සිසුන්ගේ මොල සෝදා ඔවුන් සිය දේශපාලනයට ඈදා ගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ දැඩි අරමුණ වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

2 Comments

  1. රුහුණ ජාතික විද්‍යා පීඨය කියන්නේ රුහුණ විශ්ව විද්‍යාලයට අයත් තැනක් නෙමෙයි. මේ දෙක, ආයතන දෙකක්.

    රුහුණ ජාතික විද්‍යා පීඨය කියන්නේ පාසැල් ගුරුවරු පුහුණු කරන ගුරු අභ්‍යාස විද්‍යාලයක්. ඒකේ ඉගෙන ගත්ත සිසුවියක් තමයි ඔය නවක වදය නිසා පැනඩෝල් බීලා තියෙන්නේ. මේක තියෙන්නේ ගාල්ලේ. Ruhuna National College of Education කියලා Google කරලා බලන්න. වැඩි විස්තර සොයා ගත හැකි.

    රුහුණ විශ්ව විද්‍යාලයෙත් නවක වදය තියනවා තමයි. හැබැයි රුහුණ විශ්ව විද්‍යාලය යි, ඔය කියන අධ්‍යාපන විද්‍යාපීඨය යි, අතර කිසිම සම්බන්ධයක් නෑ. රුහුණ විශ්ව විද්‍යාලය තියෙන්නේ මාතර. Ruhuna University කියලා Google කරලා බලන්න. වැඩි විස්තර හොයා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button