BREAKING NEWSEXCLUSIVEPOLITICS
මහ බැංකුවෙන් ඇමරිකානු ඩොලරයට රුපියල් 230ක උපරිම මිළක් නියම කරයි..!

ශ්‍රි ලංකා මහබැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230ක් දක්වා පහත වැටීමට ඉඩහැර තිබෙනවා.
ඒ අනුව විනිමය අනුපාතය රුපියල් 230ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලිතාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසෙනු ඇති අතර මූල්‍ය අංශයේ ස්ථායිතාව ළඟා කරගැනීම එහි අරමුණ වී ඇත.
ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ප්රවනතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් සිදුකිරීමට අපේක්ෂා කරන බවටයි.