BREAKING NEWSEXCLUSIVE
රටම කැළඹූ රෝයල් පාර්ක් වරදකරු වූ ජූඩ්ට ජනපති සමාව

රටම කැළඹූ රෝයල් පාර්ක් අපරාධකරු වන ජූඩ් ඇන්තනී ජයමහට ජනාධිපති සමාවක් හිමි වී තිබෙනවා.
වර්ෂ 2005 දී රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ දී Yvonne Johanson නම් 19 හැවිරිදි තරුණියක් නසා දමා තිබීම මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර එම තරුණිය සමග සබදතාවයක් පවත්වාගෙන ගිය ජූඩ් ඇන්තනි වරද සම්බන්ධයෙන් වරදකරු වූවා.
එහිදි සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2012 දී මෙම වරදට වරදකරු වශයෙන් ජූඩ් ඇන්තනීට මරණ දඬුවම හිමි වුනා.
මෙම මරනය රරෙහිම ආන්දෝළනයට තුඩු දුන් අතර මිය ගිය තරුණියත්, චූදිතයාත් දෙදෙනාම ප්රභූ පවුල් වල සමාජිකයන් නිසා මෙම නඩුව කෙරෙහි දැඩි අවදානයක් හිමිවූවා.