BREAKING NEWSEXCLUSIVE
රාජ්ය පරිපාලනයට සිරිසේනගේ උපදෙස් ගෝඨාභයට අනවශ්යයි – රාජ්ය ඇමති දන්වයි!

රාජ්ය පාලනය කිරීම සදහා හිටපු ජනාධිපති ශ්රී මෛත්රිපාල සිරිසේන මහතාගේ උපදෙස් හා අනුශාසනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිසේත්ම උවමනා නැති බව රාජ්ය ඇමති රොෂාන් රණසිංහ පවසනවා.
මෛත්රීපාල හිටපු ජනපතිවරයාට කිසිසේත්ම ඉදිරි මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවද ඔහු මෙහිදී පැවසූවා.
ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධූරය, මෛත්රීපාල සිරිසේන මහතාට ලබා දුන්නද එය මරණාධාර සමිතියක සභාපති තරම්වත් බලයක් නැතැයිද රාජ්ය ඇමතිවරයා සදහන් කළා.
එමෙන්ම එම තනතුරට ඔහු යෝජනා කළේ ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් මිස පොදුජන පෙරමුණ විසින් නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
වැලිකන්දේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.