BREAKING NEWSEXCLUSIVE

“හැකිනම් පොළොන්නරුවේදි මා පරාජය කරනු” රොෂාන් රණසිංහගෙන් මෛත්‍රීපාලට අභියෝගයක්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන නව සන්ධානය ලබා දී ඇති තනතුරෙහි කිසිදු බලයක් නැති බව රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ පවසනවා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදී ඇති සභාපතිධුරය කිසිදු බලයක් නොමැති බවත්, එය නිකම්ම නිකන් අනුසාසක තනතුරක් වැනි එකක් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

නව සන්ධානයේ නායක ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා යනු නැවත වතාවක් ආප්ප කාරයන්ට, කුමන්ත්‍රණ කාරයන්ට ගේම් ගසන්නට ඉඩ නැති බවද රාජ්‍ය ඇමතිවරයා මෙහිදී සදහන් කරනවා.

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා යැයි කියමින් රාජපක්ෂ පවුලට අපහාස කළ සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට සදාචාරාත්මකව හැකිදැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළා.

එම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී මෙම සන්ධානය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බව තම අදහස යැයිද ඔහු පැවසීය. තමන් පොදු ජන පෙරමුණේ පොලොන්නරුවට නායකත්වය දෙන බවත් සිරිසේන මහතාට තමන්ගේ ජන බලය පෙන්වීම පෙන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන්නැයිද ඔහු නැවතත් අභියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button