BREAKING NEWSEXCLUSIVE
පොළොන්නරුවේ පොහොට්ටු ලයිස්තුවට සිරිසේන එපා – රොෂාන් රණසිංහගෙන් අභියෝගයක්!

ඉදිරි මැතිවරණයේදී හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව තරග කිරීමට සලස්වන ලෙස ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ පවසනවා.
ඒ සඳහා කටයුතු කරන ලෙස තමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.
සමීක්ෂණ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග රටෙන්ම දිනාගත හැක්කේ ආසන හතරක් පමණක් යයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළා.
පොළොන්නරුව ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියා.