BREAKING NEWSEXCLUSIVE

රොෂාන් රණසිංහගේ විරෝධය මහින්ද පිළිගනියි – පොළොන්නරුවට පැමිණ මෛත්‍රීගේ කාර්යාලය මගහරියි!

2015 මැතිවරණ පරාජයෙන් පසුව තමන් තනි නොකළ, පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ ඔහුගේ විරෝධය හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සවයක් වර්ජනය කළ පුවතක් වාර්තා වේ.

එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පොළොන්නරුව කාර්යාලට ගියහොත් තමන් අගමැතිවරයාගේ වාහනයට බෙල්ල තබන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බිරිද සදහන් කිරීම මෙයට ප්‍රමුඛ හේතුව බවද සඳහන්.

පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ පැවති උත්සවයකින් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව ඔහුගේ කාර්යාලයට ගොඩවීම සදහා අගමැතිවරයා උත්සාහ කළ අවස්ථාවේ මෙම තත්වය ඇතිව තිබේ.

මේ හේතුව මත මහින්ද රාජපක්ෂ මහතා මෛත‍්‍රීපාල සිරිසේනගේ කාර්යයාලයට ගොඩ නොවී හදිසි කටයුත්තක් ඇතැයි ආපසු කොළඹ බලා පිටත් වී ඇත.

අදාල උත්සවය සංවිධානය කර තිබුණේ රොෂාන් රණසිංහ හිටපු රාජ්‍ය ඇමතිවරයා විසින් වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අගමැතිවරයා පැමිණි අවස්ථාවේදී තම කාර්යාලයටද ගොඩ වී යන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button