BREAKING NEWSEXCLUSIVE

පොළොන්නරුවේ වැටලීමෙන් පවරාගත් සහල් සතොසට

පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08) වටලා සහල් කිලෝ ලක්ෂ 12ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා කියා සිටියා.

එලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් සතුව තිබී රජය භාරයට ගත් සියලුම සහල් තොග සෘජුවම සතොස අලෙවිසැල් වෙත යොමුකර තිබෙනවා.

වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟයට අවශ්‍ය සහල් ප්‍රමාණය පමණක් රජය භාරයට ගත් බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසන්නේ.එහිදී අරලිය, හිරු, නිව් රත්න, ලත් සහල්, සූරිය, නිපුන සහ ජයවික්‍රම යන සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 8ක පමණ ප්‍රමාණයක් රජය භාරයට ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුල්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම සහල් තොග පවරාගැනීම සිදුකළ බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේ.

මෙම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ වෙළෙඳපොළට නිකුත් නොකළ සහල් තොග එලෙස රජය භාරයට ගෙන වැඩි සහල් ඉල්ලුමක් පවතින සතොස අලෙවිසැල් වෙත යොමුකිරීමට කටයුතු කර ඇති අතර අදාල සහල් තොග කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබාදීම රජයේ අරමුණ බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button