BREAKING NEWSEXCLUSIVE
වෙලදපොලේ සහල් මිල පහල යයි

මේ වන විට වෙලදපොලේ රුපියල් 160 ත් 170ත් අතර අලෙවි මිලකට තිබු සම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 140 කට අලෙවි වේ. රුපියල් 155 ක් වැනි මිලකට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 138 ක් දක්වා පහත බැස ඇති බව වාරතා වේ. මරදගහමුල සහල් වෙළඳුන් පැවසුවේ සහල් අලෙවියේද කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි. ඊට හේතුවී ඇත්තේ සතොස මඟින් අඩු මිලට සහල් අලෙවි කිරීමයි. මේ අතර වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්රියදර්ශන පැවසුවේ මෙවර මහ කන්නයේදී රජය අපේක්ෂා කළාට වඩා වැඩි වී අස්වැන්නක් ලැබී ඇති බවයි. මෙවර වී මෙටි්රක් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීම ඉලක්කය වී ඇති බවත්, ඉකුත් සති දෙක තුළ පමණක් වී මෙටි්රක් ටොන් 35,000 ක් මිලට ගෙන ඇති බව සදහන් වේ.