ශ්‍රී ලංකාවේ තල් අයිස්ක්‍රීම් නිපදවීම ආරම්භ කෙරේ – අපනයනය කිරීමටත් සැලසුම් – ජනගත කිරීම ඇමති විමල් අතින්

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය.
අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම කටයුත්ත සිදුකෙරුණි. තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය යටතේ තල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය, දිවයිනේ පැරණිතම අයිස්ක්‍රීම් නිෂ්පාදකයා වන ඇලරික්ස් ආයතනය විසින් සිදුකර තිබුණි.මෙම අවස්ථාවට ලංකා සතොස ආයතනයේ සභාපති නුෂාඞ් පෙරේරා මහතා එක්ව සිටි අතර මෙහිදී ලංකා සතොස මගින් තල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලත් තල් ආශ්රිත නිෂ්පාදන අලෙවි කිරිම පිළිබදව දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණීම ද විමල් වීරවංශ මහතා ඉදිරියේදී සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පවසා සිටියේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමට සක්‍රීයව කටයුතු කරන ලෙසට තමන් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදුන් උපදෙස් මෙලෙස සඵල වීම සතුටට කරුණක් බව ය.
එසේම තල් ආශ්රිත කර්මාන්තයන්හි නිරතව සිටින උතුරු- නැගෙනහිර පවුල් 70000ක් නගා සිටුවීමේ වැඩපිළිවෙළ හා මේ මොහොතේ සිට එක්වන ලංකා සතොස ආයතනයට තම ස්තූතිය පුද කිරීමට මෙම අවස්ථාව යොදා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ, ඇලරික්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනුක ලියනගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්
Sathosa ona ekakin ganna puluwanda? kawada wage weida mewa market ekata eddi?