BREAKING NEWSEXCLUSIVE
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් වාර්තා අලුත් වෙයි

ගත වූ මාස තුනේදී සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසගත ආදායමක් උපයා තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජී ගුණසිරි මහතා ප්‍රකාශ කළේ එම මාස තුනේදී පමණක් රුපියල් බිලියන 36 ක මුදලක් උපයා ඇති බවයි .
සුරාබදු ඉතිහාසයේ එවැනි ආදායමක් ඉපැයූ පළමු අවස්ථාව මෙය බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.
සුරාබදු දෙපාර්තමේන්තුවට අවශ්‍ය නව තාක්ෂණය ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින සිටින බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.