BREAKING NEWSEXCLUSIVE

මීරිගම – කුරුණෑගල මධ්‍යම අධිවේගයේ ආදායම කෝටි 10 ඉක්මවයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරු ව පළමු මාසය තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටසින් රුපියල් කෝටි 10 කට අධික ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනවාරි 16 වන දින සිට පෙබරවාරි 21 වන දින අතර කාලය තුළ රථවාහන 510,670 ක් මෙම මාර්ගයේ ධාවනය කර ඇති අතර එම රථවාහන ගමන් කිරීමෙන් රු 109,659,600.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button