BREAKING NEWSEXCLUSIVE

යුධ හමුදාවේ භාවිතයට නුසුදුසු තත්වයේ පැවති වාහන අලුත්වැඩියා කොට යලි භාවිතයට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ, එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර තිබෙනවා.

යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිළදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් නැවත භාවිතයට ගැනීම සඳහා එම වාහන සංවර්ධනය කර තිබේ. එම වාහන යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදිමද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 03) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී සිදුකරනු ලැබුවා.

ඉතා කෙටිකාලයක් තුල අඩු පිරිවැයක් දරා සිදුකල එම ක්‍රියාවලියේදි බස්රථ -10 ක්, ට්‍රක් රථ – 05 ක්, යුනිකෝන් රථ – 03 ක්, ධාවන පැදි – 05 ක්, ට්‍රැක්ටර් රථ – 01 ක් සහ කැබ්රථ – 01 ක් අලුත්වැඩියා කර පරික්‍ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදීම සිදුකලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button