BREAKING NEWSEXCLUSIVE

විශ්‍රාමික හෙද, හෙදියන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට – අගමැතිගෙන් උපදෙස්

මේවනවිට විශ්‍රාම ගොස් සිටින හෙඳ නිළධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත‍ සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිවරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. හෙද සේවය පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින වසංගත තත්වය හමුවේ රෝහල්වල කාර්යමණ්ඩල හිගයට පිලියම් ලෙස,‍ සේවා අවශ්‍යතාවය මත මෙම බඳවා ගැනීම් සිදු කරන ලෙසයි අගමැතිවරයා දැනුම් දී තිබෙන්නේ.

මේ අතරම හෙද නිළධාරීන්ගේ දීමනා හා පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර හෙද නිළධාරීන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

දැඩි සත්කාර ඒකක සේවයට කෙටිකාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන්නැයිද අග්‍රාමාත්‍යවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් සහ හෙද උපාධිය ලබා දීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button