BREAKING NEWSEXCLUSIVEPOLITICS
සුඛෝපභෝගී රථ එපා කියූ රේගු අධ්යක්ෂ ජනරාල් ධුරයට අලුතින් පත් වූ විශ්‍රාමික හමුදා නිලධාරියා

රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිය රාජකාරී කටයුතු සදහා ලබාදී තිබූ සුඛෝපභෝගි මෝටර් රථය ඉවත් කර වෙනත් මෝටර් රථයක් ලබාගෙන තිබෙනවා.
ඒ, මීට පෙර තමන් වෙත ලබාදුන් සුඛෝපභෝගි මෝටර් රථය සදහා මසකට ඉන්ධන ලීටර් 170 කට වැඩි ප්‍රමාණයක් වැයවීම සහ තමන්ට ඒ සදහා අමතර වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන්.
රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම්දීමෙන් පසු ඔහුට පළමුව ලබාදුන් මෝටර් රථයට වඩා අඩු ඉන්ධන දහනයක් සහිත මෝටර් රථයක් ලබාදී තිබෙනවා.