BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

” ප්‍රතිඵල සාර්ථකයි. ” ඇමරිකාවෙන් සයිනොෆාම් එන්නතට සහතිකයක්.

කොරෝනා වෛරසයට එරෙහිව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් අමෙරිකානු වෛද්‍ය සංගමය විසින් සිදුකළ සායනික පරීක්ෂණයේ අවසන් වාර්තාව එළිදක්වා තිබේ.

මෙම චීනය විසින් නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ වාර්තාව එලෙස එළිදක්වා තිබෙනවා. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුනේ මෙලෙසින්..

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14 කින් පසු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී බරපතළ තත්ත්වයට පත්වීම සියයට සියයකින් වැළකෙන බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

ඊට අමතරව මෙම එන්නත මගින් වෛරසයට එරෙහිව ක්‍රියා කිරී‍මේ සියයට 78.1ක හැකියාවක් පවතින අතර කොවිඩ් -19 වෛරසයට එරෙහි උදාසීන ප්‍රතිදේහ නිපදවීම සියයට 99ක හැකියාවක් පවතින බව මෙම පරීක්ෂණය මගින් තහවුරු වී තිබෙනවා.

එම පරීක්ෂන වාර්තාව සම්බන්ධ සටහන- https://jamanetwork.com/journals/jama/fullarticle/2780562

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button