BREAKING NEWSEXCLUSIVE

බිඳවැටුණු රජයේ වෙබ් අඩවි යථාතත්ත්වයට

Lanka government cloud නැතහොත් ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි කිහිපයක් ඊයේ (13) රාත්‍රියේ හදිසි බිඳ වැටීමකට ලක්ව තිබුණා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා මේ සම්බන්ධව අදහස් පළ කරමින් කියා සිටියේ පද්ධතියේ දත්ත ගබඩාවක සිදු වූ දෝවූ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබූ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ පරිගණක තාක්ෂණ ශිල්පීන් විසින් අදාළ පියවර ඊයේ රාත්‍රියේම ගෙන මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ මේ වනවිට අදාළ ගැටලු යථාතත්ත්වයට පත්කර ඇති බවය.

“ඊයේ කොටස් වෙළෙඳපොළ කටයුතු කරගෙන යෑමේදී එවැනි තත්ත්වයක් ඇතිවී තිබුණු බව වාර්තා වෙලා තිබුණා. දන්නා පරිදි මේ වනවිට කිසිදු ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් නෑ. වෙබ් අඩවි දෙකක් සම්බන්ධයෙන් පමණයි ඒ තත්ත්වයන් ඇතිවෙලා තිබුණේ.”

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ද ඊයේ (13) පස්වරුවේ එලෙස අඩාල වී තිබුණා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් ‌වෙළෙඳපොළ පැවසුවේ SLT Datacenter හි දෝෂයක් මීට හේතුවී තිබූ බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button