BREAKING NEWSPOLITICS

මහජනතාවගේ බදු මුදල් ලක්ෂ ගණනින් කබාසිනියා කළ රැස පත්තරය නවතා දැමේ

මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මුල්වී සිය දේශපාලන මඩ ව්‍යාපාරයේ යෙදුනු පුද්ගලයන්ට රැකියා ලබා දීම සඳහාත්, දේශපාලන ප්‍රතිවාදීන්ට මඩ ගැසීම සඳහාත් ආරම්භ කරන ලද ලේක්හවුස් – රැස පුවත්පත මුද්‍රණය කිරීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

චාමර ලක්ෂාන් නම් මංගලගේ මඩ බලකායේ සේවය කළ, මඩ ගැසීමේ කලාවේ විශේෂඥයෙකු වූ පුද්ගලයෙකුගේ ප්‍රධානීත්වයෙන් ආරම්භ කළ මෙම පුවත්පතට බඳවා ගත්තේ සුදුසුකම් බලා නොව 2015 එජාප රජය බලයට ගෙන ඒමට ෆේස්බුක් මාධ්‍යයේ කඩේ ගිය පිරිසකි.

දිනකට පිටපත් 400ක් පමණ විකිණුනු රැස පුවත්පත නඩත්තු කිරීමට සහ මෙලෙසට රැකියා ලැබූ මංගලගේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයට වැය වූ පාඩුව වසරකට ලක්ෂ 960කට අධික වූවා.

පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් විශාලතම මඩ පුවත් සහ අසත්‍ය පුවත් පැතිරීම සිදු කළේ රැස පුවත්පතින් වීම විශේෂත්වයක්.

මංගල සමරවීර විසින් මෙහි නියෝජ්‍ය සංස්කාරකවරයෙක් ලෙස පත් කර, පසුව ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ මංජුල සමරසේකර සඳහා පමණක් මාසික වැටුප හාරලක්ෂ හැටදහසක මුදලක් (460,000/=) ගෙවා තිබෙන බවත්, එම මුදල පුවත්පත මාසයක් තිස්සේ විකුණා ලැබූ මුදලට ආසන්න මුදලක් බවත් සඳහන්.

එලෙසට විශාල ජනතා මුදලක් වැය වීම හේතුවෙන් පාඩු ලබනා මෙලෙසට වසා දැමීමට තීරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button