BREAKING NEWSEXCLUSIVE

ඖෂධ මිල තවත් වැඩි කරන්න ඉල්ලිම්…

මෙරට ඖෂධ මිල තවත් 20% කින් වැඩි කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට ඊයේ (28) දින දැනුම් දි ඇත.

මෙයට ප්‍රධාන ගැටලුව වශයෙන් ආනයනකරුවෝ පවසන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 300 දක්වා ඉහළ යාම යාමයි.

එසේම මිල ඉහළ නොදමන්නේ නම් මිල පාලනය ඉවත් කලයුතු බව ආනයන කරුවෝ පෙන්වා දෙති.මේ වන විට ඖෂධ වර්ග හැටක් මිල පාලනයකට යටත් කර ඇත.

මීට සති 2කට පෙර ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන් අතර ඒ අනුව රුපියල් 1.59 පැවැති පැරසිටමෝල් පෙත්ත රුපියල් 3 දක්වා වැඩි විය.

එමෙන්ම ස්ටෙන්ට්, අක්ෂි කාච, රුධිර ග්ලූකෝස් මාපක, පල්ස් ඔක්සිමීටර ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක උපරිම සිල්ලර මිල ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය ඊයේ (28) සිට වලංගු වෙයි.

මේ අතර පවතින වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිගය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කර තිබේ.

සියයට 29කට ආසන්න ප්‍රතිශතයකින් අදාළ වෛද්‍ය උපකරණවල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රෝහලේ සියලු ශල්‍යකර්ම නතර කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත ප්‍රකාශ කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button