BREAKING NEWSEXCLUSIVE

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරනලෙස ඉල්ලීමක්

අද රාත්‍රී කාලයේ දී විදුලිජනන පද්ධතියේ මෙගාවොට් 20ක පමණ හිඟතාවයක් ඇති වියහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

මේ හේතුවෙන් පස්වරු 6.30ත් රාත්‍රි 8.30ත් අතර, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලනවා.

උපරිම විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවන්හි දී මේ දිනවල විදුලි ඉල්ලුම මෙගාවොට් 2800ක් පමණ වන අතර, දැනට කප්පාදුවකින් තොරව එය සපුරාලනු ලබන්නේ ජල විදුලිය මෙන්ම තාප බලාගාර සියල්ලෙහිම එකතුවෙන්.

කැළණිතිස්ස බලාගාර දෙකට යාබදව පවතින මෙගාවොට් 162ක ධාරිතාවයෙන් යුත් සෝජිස්ට් බලාගාරය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා ඊයේ නතර කෙරුණා.

මෙම තත්ත්වයත් සමඟයි විදුලි ජනනයේ සමබරතාවය ගිලිහි යාමේ අවදානමක් මතුව තිබෙන්නේ.

තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් පවතින නිසා මේ මස 31 වනදා දක්වා විදුලි විසන්ධි කිරිමට අවසර ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව ඊයේ නිවේදනය කළා.

ඒ අනුව එදිනට පවතින තත්ත්වය සමාලෝචනය කර විදුලිය විසන්ධි කිරිමට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබා දිමට නියමිතව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button