BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලීමක්

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් හට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට ඇති හැකියාව පිලිබඳ සොයා බලන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් හට ෆයිසර් මාත්‍රාව දෙවනි මාත්‍රාව ලෙස ලබා දිය හැකි බවට තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙවැනි ඉල්ලීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු කරන්නේ එකදු ෆයිසර් මාත්‍රාවක් හෝ මෙරට තුල නොමැති වාතාවරණයක් තුලයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button