BREAKING NEWSEXCLUSIVE

“අපේ රෙදි ගලවන්න එපා, ඉංග්‍රීසි දන්න තානාපති කෙනෙක් එවන්න” ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්!

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් අවම වශයෙන් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි පුද්ගලයෙකු පත්කර එවන ලෙසට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා.

සමාජජාලා මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ඔවුන් මෙම ඉල්ලීම ශ්‍රී ලංකා රජයෙන් සිදුකරන්නේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් වූ ජගත් වැල්ලවත්ත මහතාට ඉංග්‍රීසි භාෂාව හැසිර වීමේ ගැටලුවක් පැවතීම හේතුවෙන්.

පසුගියදා අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත සමුළුවක් ඇමතූ තානාපතිවරයාට ඉංග්‍රීසි භාෂාව හසුරවා ගැනීමේ ගැටළු පැවතීම දැඩි ලෙස කතාබහට ලක්වුනා.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තමන් ඉතාමත් ගෞරවාන්විතව එරටෙහි වාසය කරන බැවින් අවම වශයෙන් සිය අභිමානය ආරක්ෂා කර ගත හැකි තානාපතිවරයෙක් ඒ රටට එවන ලෙසය.

ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි මට්ටමේ පුද්ගලයෙකු හෝ තමන් නියෝජනය කිරීමට සිය තානාපති ලෙස පත් කර එවන ලෙසටත් ඔවුන් ප්‍රකාශ කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button