BREAKING NEWSEXCLUSIVE

අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කළා, පුවතේ වගකීම අප සතුයි – ජවිපෙ, Fact Cresendo බොරුවට උත්තර!

පසුගිය දින Lanka Mag අප වෙබ් අඩවියේ පළවූ “සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” පුවත අසත්‍යයක් බවට ජනතා විමුක්ති පෙර‍මුණ විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් අදාල පුවත සහ එහි සත්‍යතාවය පිළිබඳව කවදත් වගකීම් සහගත මාධ්‍යකරණයක නිරත වූ ලංකා මැග් අප තහවුරු කරමු. අප යළි යළිත් කියන්නේ ‘Ogilvy Digital’ ආයතනය තුලින්ම නිකුත් වූ එම ලේඛනත්, එම ප්‍රවෘත්තියේත් වගකීම අප කර්තෘ මණ්ඩලය දරන බවයි.

එම වගකීම පාඨක ඔබට තහවුරු කරන අතර යළිත් අප මෙම පුවත සම්බන්ධයෙන් අපේ පැහැදිලි කිරීමට යොමු වෙමු.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම පුවත අසත්‍ය යැයි සඳහන් කළත් මෙම ලේඛනයේ සම්බන්ධ සියලූම ප්‍රචාරණ ව්‍යාපෘති මේ වනවිට ඇරඹී තිබේ. එසේනම් එය අසත්‍යයක්ද ? අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රශ්න කර සිටිමු.

මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියේ නම “අලුත් මාවතකට හැරෙමු” යන්නය. එම නමින්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් මේ වනවිට අරබා තිබේ. එසේ නම් අසත්‍ය කියන්නේ ලංකා මැග් අපද ? එසේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණද ? අප යළිත් අසමු.

එමෙන්ම අප විසින් හෙළිකළ ලේඛණයන්ගේ දැක්වෙන පරිදි එම නම් වලින්ම නව ෆේස්බුක් පිටු, යුටියුබ් නාළිකා සහ ටික් ටොක් ගිණුම් කඩිමුඩියේ සැකසී තිබේ. එසේ නම් අසත්‍ය කියන්නේ ලංකා මැග් අපද ? ජනතා විමුක්ති පෙරමුණද ?

ජනතා විමුක්ති පෙරමුණ විසින් සත්‍ය කියූ ලංකා මැග් වෙබ් අඩවියේ කීර්ති නාමයට හානි වන අයුරින් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ ද්වේශ සහගත ප්‍රකාශයන්ට එරෙහිව ලංකා මැග් කර්තෘ මණ්ඩලය ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවත් අප විශ්වාස කරන පාඨක ඔබට තහවුරු කරමු.

හෝරාගෙන් පේන ඇසූ Fact Crescendo බොරුව

“හොරාගේ අම්මාගෙන් පේන ඇසීම” අප සමාජයේ ප්‍රසිද්ධ කියමනකි. හොරාගේ අම්මාගෙන් පේන ඇසීමද දෙවෙනි තැනට දමා, හොරාගෙන් සෘජුවම පේන අසා හොරු නිදොස් කරනු අප පසුගියදා දුටුවේය.

Lanka Mag අප වෙබ් අඩවියේ පළවූ “සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” පුවත අසත්‍යයක් බවට ෆේස්බුක් දත්ත විමර්ෂණ වෙබ් අඩවියක් වන Fact Crescendo වෙබ් අඩවිය නිගමනය කර තිබුනේය.

ඒ සඳහා ඔවුන් අනුගමනය කර තිබුනේ අපූරු ක්‍රමවේදයකි. එනම් එම වෙබ් ලිපියෙන් චෝදනා හෙළි කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගෙන් සහ Ogilvy Digital ආයතනයන්ගෙන් සෘජුවම මේ පිළිබඳව විමසා මෙය අසත්‍යයක් ලෙස නිගමනය කිරීමය.

මෙය හොරාගේ අම්මගෙන් නොව හොරාගෙන් සෘජුවම පේන ඇසීමය. අන්තර්ජාතික Fact Check නියාමනයට අදාල මූලික කරුණු සියල්ල නොසළකා ඒක පාර්ශිකව සත්‍යයක් අසත්‍යයක් කිරීමට සිය බලය ගණිකා වෘත්තීයේ යෙදවීමකි.

මෙම ලිපි ලේඛන සත්‍ය වූවත් අසත්‍ය වූවත්, ඒවා සත්‍ය යැයි ජවිපෙ සහ Ogilvy Digital ආයතනය පිළිගනීවිද ? එසේ නම් එලෙසට චූදිතයාගෙන් පමණක් නඩුව අසා Fact Crescendo නිගමනයකට පැමිණියේ කෙසේද ?

Fact Crescendo ආයතනය මෙම පුවතට අදාලව එම පුවත පළ කළ Lanka Mag අප කර්තෘ මණ්ඩලයෙන් කිසිඳු වීමසීමක් සිදු කළේ නැත. එලෙස විමසීමක් සිදු නොකර ඔවුන් මෙම අසත්‍යයක් යැයි නිගමනය කළේ කෙසේද ?

සැබෑම හේතුව නම් මෙම ලිපි ලේඛන වලට අනුව Fact Crescendo ආයතනයටද මුදල් ගෙවා මිලට ගැනීමට ජවිපෙ වෙනුවෙන් Ogilvy Digital ආයතනය කටයුතු කර තිබුනි. Fact Crescendo මෙම හෙළිදරව්වම Lanka Mag අප පුවත සත්‍ය බවට සාක්ෂියකි.

මුදල් වලට Fact Check කරනා Fact Crescendo

ලංකා මැග් හෙළිදරව්වට අනුව Fact Crescendo ආයතනය මුදලට ගත හැකි බවට සාක්ෂි අපට සැපයිය හැකිය. මින්පෙර Fact Crescendo විවිධ සන්නාම වලට සමාජමාධ්‍ය ඔස්සේ එල්ල වෙන චෝදනා සෝදා පිරිසිදු කර දෙන රෙදි සෝදන යන්ත්‍රයක් සේ ක්‍රියා කළ අයුරු අප සතුව තිබේ.

ඒ සඳහා ආසන්තම උදාහරණය SCAN JUMBO PEANUTS සඳහා සමාජජාලා වල චෝදනා එල්ල වූ විට, Fact Crescendo ස්කෑන් සන්නාමයම යොදාගෙන ස්කෑන් ජම්බො පීනට්ස් වලට එල්ල වූ චෝදනා සමාජජාලා මාධ්‍යයේ “අසත්‍ය” ලෙස සළකුණු කිරීමයි.

මේ සියල්ල ෆේස්බුක් ආයතනයත්, IFCN ආයතනයත්, Fact Crescendo ඉන්දියානු මවු ශාඛාවත් දැනුවත් කිරීමට Lanka Mag අප කර්තෘ මණ්ඩලය කටයුතු කරමින් සිටියි.

 

Related Articles

One Comment

Leave a Reply

Your email address will not be published.

Back to top button