BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

පළාත් අතර සංචරණ සීමා ඉවත් කරන්න – සංචාරක ක්ෂේත්‍රයෙන් රජයට දැඩි බලපෑම්

මේ වන විට පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කර රට නැවත විවෘත කරදෙන මෙන් සංචාරක ක්ෂේත්‍රයයේ රැකියා නියුක්තිකයන්ගෙන් දිගින් දිගටම රජයට බලපෑම් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

සංචාරක ක්ෂේත්‍රයයේ රැකියා වල නිරත වන හෝටල් සේවකයන්, කුඩා ව්‍යාපාර හිමියන්, මඟ පෙන්වන් ඇතුලු පිරිස් පවසන්නේ පවතින අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් තමන් සහ යැපෙන්නන් දැඩි පීඩාවට පත්ව තිබෙන බවයි.

ඔවුන් පවසන්නේ මෙම සංචරණ සීමා හේතුවෙන් තම ව්‍යාපාර බොහෝ කලක සිට දැවන්ත කඩාවැටීමක්ට ලක්ව ඇති බවත් තමන්ට එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමටවත් නොහැකි තරමට ආර්ථික අහසුතා පවතින බවත්ය.

මේ පිළිබදව සාකච්ඡා කර එන්නත්කරනයේ ප්‍රගතියද සලකා බලා ඉක්මනින් රජයේ පාර්ශවයෙන් තීන්දුවක් ගනී යැයි ඔවුන් බලාපොරොත්තුවකින් පසුවන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button