ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

“ඖෂධ ගේන්න ඩොලර් නැතිනම් පාලන මිල ඉවත් කරන්න, නැතිනම් මිල 15%කින් හෝ වැඩි කරන්න” ආනයනකරුවෝ ඉල්ලති.

ඖෂධ ආනයනය කිරීම සදහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මුදාහල නොහැකි නම් පාලන මිල ඉවත් කිරීම හෝ ඖෂධ මිල 15%කින් ඉහල දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගෙ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

ඖෂධ ආනයනය කිරීම සදහා ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් නොමැති බව වාණිජ බැංකු ප්‍රකාශ කිරීමෙන් ආනයනකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.එම නිසා කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

2021 අගෝස්තු මාසයේ ඖෂධ මිල 9%කින් ඉහල දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සැපයීම හා නිශ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දෙන ලදී.
ඒ වන විට ඇමෙරිකානු ඩොලරයක් 176කට අලෙවි වුවද මෙ වනවිය එය රුපියල් 230 ඉක්මවා ඇති බව ඖෂධ ආනයනකරුවන්ගෙ කර්මාන්ත මණ්ඩලය පැවසීය.
අමුද්‍රව්‍ය මිළ ඉහල යාම නිසා ශ්‍රීලංකාවේ පැරසිටමෝල් පෙති නිපදවීම ද අඩාල වී ඇත.
පැරසිටමෝල් පෙත්තක පාලන මිල රු:1.59 කි. අමුද්‍රව්‍ය මිළ ඉහල යාම නිසා පාලන මිලට පැරසිටමෝල් නිපදවිය නොහැකි බව සමාගම් විසින් පෙන්වා දී තිබේ.
පවතින තත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයද, මුදල් අමාත්‍ය්‍යාංශය හා ඖෂධ සැපයීම හා නිශ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සමහ සාකච්ඡා කලද මෙතෙක් විසදුමක් නොලද බව ආනයනකරුවෝ පවසති.

උපුටාගැනීම: අරුණ පුවත්පත

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button