BREAKING NEWSEXCLUSIVE

“ඉගැන්විය හැක්කේ රජයේ අනුමත දේ පමණයි, ලියාපදිංචි නොකරන මද්‍රසා තහනම්” මද්‍රසා මඩින්න අගමැති මහින්දගෙන් දැඩි පියවර

මෙරට අන්තවාදය වපුරා, මුස්ලිම් තරුණයන් අන්තවාදයට තල්ලු කරනා වහබ්වාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු අරඹා තිබෙනවා.

මෙහි මුල්ම පියවර ලෙස මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ආයතන සියල්ල රජයේ ලියාපදිංචි කළ යුතු බවට නීතියක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පනවා තිබෙනවා.

මෙම අධ්‍යාපනික ආයතන මද්‍රසා යනුවෙන් හඳුන්වන අතර මේවායේ ඉගැන්වීමට සවුදි අරාබියෙන් දේශකයන්ද විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිටියි. මද්‍රසා ආයතනයන්ගේ උගන්වන දේද මින්පෙර රජය විසින් නියාමනය වූයේ නැහැ.

මේ අනුව සියලූම මද්‍රසා ලියාපදිංචි කර, ඒවායේ උගැන්විය හැක්කේ රජය විසින් ලබා දෙන අන්තවාදයෙන් හා වෛරයෙන් තොර විෂය නිර්දේශයක් පමණක් බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

මින්පෙර මද්‍රසා ආයතනයන්ගේ සතුන් ඝාතනය කරනා අයුරු දරුවන්ට ඉගැන්වූ අතර, නව නීතිය අනුව එම කටයුත්තද තහනම් කෙරෙනු ඇත.

තවද මද්‍රසා ආයතනයන්ගේ ඉගැන්වීම් කළ සියලූම විදෙස් දේශකයන් හා ගුරුවරුන් සියලූම දෙනා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමටද තීරණය කර තිබේ.

ඉස්ලාම් දරුවන් අන්තවාදයට යොමු වීමත්, අන්‍ය ජාතීන්ට හා ආගමිකයන්ට වෛර කිරීම වැළැක්වීම මෙම නව නීති පැනවීමේ අරමුණයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අන්තවාදය හා වහබ්වාදය උගන්වන මද්‍රසා පිළිබඳ දැඩි අවදානයක් යොමු වුනා.

මෙම නව නීති වලට අනුගත නොවන හා රජයේ ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන මද්‍රසා සියල්ලම තහනම් කිරීමට කටයුතු කරනු ඇති අතර ඒ සඳහා බුද්ධි අංශ බළකායක් යෙදවීමටද කටයුතු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button