ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

ගමේ දරුවන්‍ට Online අධ්‍යාපනයට ඇති බාධා නාමල් ඉවත් කරයි…

කොරෝනා වසංගතය හේතුවෙන් Online ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමයට නොහැකි සිසුන් සඳහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රව්ෘත්ති දෙපාර්තමේතුවේදී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියා. ඒ අනුව ඊ තක්සලාව ඉගෙනුම් පද්ධතිය යොදා ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර ගමට සන්නිවේදනය යන වැඩසටහන යටතේ පුලුල් ජාතික වැඩපිලිවෙලක් සමඟ සන්නිවේදන කුලුනු ඉදිකිරීමට පියවර ගන්නා බවත් වසර 2ක් තුල මෙය සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය නාමල් රජපක්ශ මහතා ප්‍රකාශ කලා.

එම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විටත් කුලුනු ඉදිකිරීම ආරම්භ කර ඇති අතර කුරුනෑගල දිස්ත්‍රික්කයේ කුලුනු 49ක් ඉදිකිරීමට පියවර ගන්නා බවත් මේ වසර තුල තවත් දිස්ත්‍රික්ක 10ක මෙය ව්‍යාප්ත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button