BREAKING NEWSEXCLUSIVE
අද සිට පෞද්ගලික බස්රථ ධාවනයේ අඩුවක්..

ඩීසල් හිඟය හේතුවෙන් අද (මාර්තු 01) සිට පාසල් සහ කාර්යාල වේලාවන් තුළ පමණක් ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ අද ඉන්ධන නොමැති වුවහොත් දිවයිනේ 75% ක පමණ පෞද්ගලික බස් රථ ධාවනය නතර කිරීමට සිදුවන බවයි.
මේ අතර, ඩීසල් රැගත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම තවත් දින දෙකකින් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
සඳුදා (පෙබ 28) එම නෞකාවන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණත් ඉන්ධන භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමාදයක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.