BREAKING NEWSEXCLUSIVE

මින් පසු ස්ත්‍රී දුෂණ,ළමා අපචාර කරන අපරාධකරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරනවා, මුහුණ වහන්නෙ නෑ – රියර් අද්මිරාල් සරත් වීරසේකර

අපරාධයක් සිදුකර අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ගේ ඡායාරූප ඉදිරියේදී මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

“සතුටෙන් ජීවත් වන පවුලක්. විනයගරුක සහ බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා” යන තේමාව යටතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම යටතේ වන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද (07) එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කරනවා.

මහරගම යොවුන් රඟහලේ පැවති උත්සවයට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එක්ව සිටියා.

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම ප්‍රජා පොලිස් ක්‍රමය මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති අතර, එමගින් මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කෙරෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button