හිසට සෙවනක් නැති මිනිසුන් ණයකරුවන් කරනා සජිත් ප්‍රේමදාසගේ නිවාස ප්‍රෝඩාව

නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් දියත් කළ “ගම් උදාව” වැඩසටහන් පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබේ.
ඒ අමාත්‍යවරයා මුල්වී නිවාස අධිකාරිය විසින් මෙම නිවාස නොමිලේ ලබා දී තිබෙන බවට රටට පෙන්වූවත් සැබැවින්ම සිදුව ඇත්තේ ප්‍රතිලාභීන්ට ණය මුදලක් ලබා දී ඔවුන් විසින්ම නිවාස සාදා ගැනීමට පීඩනයක් එල්ල කිරීම බවට හෙළිදරව් වෙමින් තිබේ.
ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘති වෙනුවෙන් බව පැහැදිලිය.
මෙහිදී මෙම නිවාස ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් තෝරා ගැනීමේදි විශාල වන විනාශයක් සිදු කර තිබෙනා අතර එහිදී පුරාවස්තු විනාශයක්ද සිදුව තිබෙනා බවට සාක්ෂී පවතී.
එමගින් අමාත්‍යවරයා විශාල වන විනාශයක් හා පුරාවස්තු ජාවාරමක් සිදු කර තිබෙන අතරම මෙම නිවාස හිමිවන අසරණ ජනතාවගේ ජීවිතද අවදානමේ හෙළා තිබේ.
මන්ද මහ වන වැද හුදකලාවී ඇති මෙම නිවාස වන සතුන්ගේ තර්ජනයට ලක්වනවා මෙන්ම පානීය ජලය, විදුලිය, මාර්ග හා යටිතල පහසුකම්ද මෙම නිවාස ව්‍යාපෘති සඳහා සම්පූර්ණ කර නැත.
තවද මෙහිදී සිදුවන්නේ ප්‍රතිලාභීන්ට නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය මුදලක් ලබා දීම හේතුවෙන් ප්රතිලාභලාභී දුගී ජනතාව ණය මුදල් නිසි ලෙස ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩනයකට ලක්ව තිබෙන බවද වාර්තා වේ.
ණය මුදල් හිමි වූ ජනතාව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාධ්‍යයද රැගෙන නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණෙන විටදී නිවාස පිටතින් සම්පූර්ණ ලෙසට පෙනෙනා තරමට සකස් කර ගැනීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් පනවා තිබූ නීතියයි.
එය කිරීමට අසමත් වන ජනතාව අමාත්‍යවරයා විසින් පෞද්ගලිකව පීඩනයට ලක් කළ අයුරු හෙළිකරමින් ඉරාජ් වීරරත්න විසින් වීඩියෝවක් නිකුත් කර තිබේ.
එම වීඩියෝව පහතින්,