BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍යය අංශ උපදෙස් මත පාසැල් අරින්න සූදානම්!

සෞඛ්‍ය අංශ වල අවසර ලැබුණු වහාම දිවයිනේ පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ පාසැල් විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව පාසල් විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් එම සාකච්ඡාවෙන් පසු අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කරන බවද පැවසූ ලේකම්වරයා කොරෝනා වසංගතයේ පවතිද්දී පසුගිය කාලයේදී පාසල් පවත්වාගෙන ගිය ක්‍රමවේදය මේ දිනවල සමාලෝචනය කරන බවද ප්‍රකාශ කලා..

මේ වන විට ගුරුවරුන්ගෙන් 88%කට පමණ කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එහි දෙවැනි මාත්‍රාවන් මේ දිනවල ලබාදෙමින් යන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button