BREAKING NEWSEXCLUSIVE

බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් පිරිසිදු කර සූදානම් කරයි

විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඊයේ (24) පස්වරුවේ එහි පිරිසිදු කිරීම් ද සිදුව ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී රඳවා තැබුණේ ද, මෙම විශේෂ සිරමැදිරියේයි.

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශපාලනඥයින් වැඩිදෙනෙකු ද එහි රඳවනු ලැබ සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button