BREAKING NEWSEXCLUSIVEPOLITICS

වරෙන්තු ලැබී දිනකට ආසන්නයි – රවී අත්අඩංගුවට ගැනීම තවත් ප්‍රමාදයි

අධිකරණ වරෙන්තු නිකුත් කර තිබෙන, එජාප උප නායක රවී කරුණනායක අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිවස වෙත ගියද මන්ත්‍රීවරයා එහි සිට නොමැති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආපසු හැරී පැමිණ තිබේ.

මහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළ රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සදහා නිලධාරීන් මෙලෙසට ඔහුගේ නිවස වෙත ඊයේ (06) පස්වරුවේ ද ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ. සාමාන්‍ය පුරවැසියෙකුට අධිකරණ වරෙන්තුවක් නිකුත් වූ පසුව කෙලෙසක හෝ ඔවුන් සොයා අධිකරණයට ඉදීරිපත් කරනා පොලීසිය, දේශපාලකයන් ඉදිරියේ නීතිය ක්‍රියාත්මක නොකිරීම ඔවුන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබුනා.

රවී කරුණානායක ඇතුළු බැදුම්කර වංචාවට සම්බන්ධ 10 දෙනකු අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වරෙන්තු නිකුත් කළේ ඊයේ (06) පස්වරුවේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button