සති දෙකක සිට රසායනාගාරවල කොරෝනා පරීක්ෂණ ධාරිතාව ඉක්මවලා – රවී කුමුදේශ්

සති දෙකක සිට දිවයිනේ ප්‍රධාන රසායනාගාරවල කොරෝනා පරීක්ෂණ ධාරිතාව ඉක්මවා ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
මෙම තත්වය තුළ දෛනිකව සිදුකරන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල දින 5 ක පමණ කාලයක් ප්‍රමාදවන තත්වයක් මතුව ඇති බවයි ඔහු කියා සිටියේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබි්රයේසස් ද ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව, නේපාලය ඇතුලු රටවල තත්වය දරුණු අතට පත්වී ඇති බව ඊයේ ප්‍රකාශ කළා.
මේ අතර වෛරසය පාලනය කිරිම සඳහා ආසාදිතයන් හා ආශ්‍රිතයන් හඳුනාගැනීමද වැදගත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් පවතින වසංගත තත්වය හමුවේ මේ දිනවල සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන් කරනු ලබන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් මෘතදේහ ඥාතීන්ට භාරදීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් ප්‍රකාශ කළා.