BREAKING NEWSEXCLUSIVE

රවි කරුණානායකගේ නිවසේ සත් දින අඛණ්ඩව මහා යාගයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් නියෝග කර තිබෙනා එජාප උප නායක රවී කරුණානායකගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසෙහි මේ දිනවල යාගයක් පවත්වමින් තිබෙන බව වාර්තා වේ.

දින හතක් එක දිගට මෙම යාගය පැවැත්වෙන අතර එහි සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ හිටපු ඇමති මර්වින් සිල්වා මහතාය.

පෙරේදා රාත්‍රියේ සිට මෙම යාගය පැවැත්වේ. මර්වින් සිල්වා මහතා විසින් මාතර ප්‍රදේශයෙන් ප්‍රසිද්ධ යකැදුරන් පිරිසක් ගෙනවිත් මෙම කටයුතු සිදු කරමින් සිටින බවත් වාර්තා වේ.

රවි කරුණානායක මහතා බැදුම්කර වංචාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් මේ වන විට පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන අතර මේ ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button