BREAKING NEWSEXCLUSIVEPOLITICS
රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් අධිකරණ නියෝගයක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග (Breaking news)

බැඳුම්කර වංචාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ සරත්චන්ද්‍ර ඇතුලූ පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාවට අදාළ චෝදනා යටතේ වරෙන්තුවක් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.
බැඳුම්කර වෙන්දේසියට කුමන්ත්‍රණය කිරීම, සාපරාධි අයථා පරිහරණය, වංචා සිදුකිරීම මෙන්ම ඊට අදාළව වෙළඳපොල හැසිරවීම යන චෝදනා ඔවුන්ට එල්ලවී තිබෙනවා.