BREAKING NEWSEXCLUSIVE

පාස්කු කමිටුවේත් සිටි රාවුෆ් හකීම් සහරාන් සමග සාකච්ඡා කරන වීඩියෝවක් එළියට

ශ්‍රී ලංකාවේ අහිංසක සිවිල් පුරවැසියන් 350ක් මරු තුරුලට යවමින් ශ්‍රී ලංකාවම ඇද දැමූ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ලබා දීමට වත්මන් එජාප රජය තවමත් සමත්ව නැත.

සහරාන් හෂීම් නම් ත්‍රස්ත නායකයෙක් විසින් නායකත්වය දුන් අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ අතර ප්‍රමුඛ කතෝලික පල්ලි සහ සංචාරක හෝටල් මෙම ප්‍රහාරයේ ඉල්ලක වී තිබුණි.

මෙම ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමට රජය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ අතර වත්මන් එජාප රජයේ අමාත්‍ය, මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් එහි සමාජිකයෙක් වූවා.

මෙම පාස්කු තේරීම් කාරක සභාව විසින් එම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සාක්ෂි සමග චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් වැනි අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් නිර්දෝෂි යැයි ඔප්පු කිරීමට ඉතා වෙහෙසක් ගත්තා.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත නායක සහරාන් හෂීම් සමග, පාස්කු තේරීම් කාරක සභාවේ සමාජිකයෙක් වූ අමාත්‍ය රාවුෆ් හකීම් සාකච්ඡා කරන අවස්තාවක රහසිගත වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මෙම රහසිගත සාකච්ඡාවේ වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානය වෙත භාරදී තිබේ. පාස්කු ප‍්‍රහාරය මෙහෙයවීමට අමතරව සහරාන් හෂීම් ෂැංග‍්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගන්නා ලදී. ඔහුගේ සයින්දමරුදු නිවසේ ඔහුගේ ඥාතීන් මිය ගියේ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති කර ගත් වෙඩි ප්‍රහාරයකිනි.

මේ අනුව පාස්කු ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්තවාදී නායකයාගේ හිතවතෙක් වන රාවුෆ් හකීම් වත්මන් රජය විසින් පත් කළ පාස්කු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වීමත්, තවමත් ඇමතිධූර දැරීමත් මෙරට ජාතික ආරක්ෂාව මුහුණ පා තිබෙන තර්ජනය පෙන්වීමට ප්‍රමාණවත්ය.

මෙවර ජනපතිවරණයේ රාවුෆ් හකීම් මෙන්ම රිෂාඩ් බදියුදීන්ගේද සහය හිමිවන්නේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසටය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button