BREAKING NEWSEXCLUSIVEPOLITICS
කට්ටි පැන පැන සිටි රැට්ටා ඇතුළු අරගලකරුවන් පිරිසක් අවසානයේ පොලිසියට භාර වෙයි..!

රැට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්තමුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී තිබෙනවා.
ඔවුන් අද දිනයේ බාර වීමෙන් පසු පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉකුත් 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබීම මත මෙසේ බාර වී ඇත.