BREAKING NEWSEXCLUSIVE

උතුරේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ කර්නල් රත්නප්‍රිය බන්දු ගෝඨාභයගේ සහයට එක්වේ.!

සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්දු පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුනා.

ඒ වසර පහකට අධික කාලයක් උතුරු පළාතේ රාජකාරී කළ කර්නල් රත්නප්‍රිය ස්ථාන මාරුවක් ලබා වෙන්ව යද්දි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සහ උතුරේ දෙමළ ජනයා ඔහුගේ වෙන් වීමෙන් ශෝක වන අයුරු ප්‍රසිද්ධ වීමත් සමගය.

එම ජනතාවට නැවතත් ජීවය ලබා දී පියෙකු මෙන් රැකබලා ගත් කර්නල්වරයා වෙන් වී යන පුවත ඇසූ ගම්වාසීන්ගේ සහ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හඩා වැලපෙමින් සිටින අයුරු දැකගත හැකි විය.

එලෙස අතිශය කතාබහට ලක්වූ කර්නල් රත්නප්‍රිය බන්දු, උතුරු නැගෙනහිර දෙමළ තරුණ පිරිසක්ද සමග මෙවර ජනපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ.

ඊයේ දින මාධ්‍ය හමුවක් කැඳවා කර්නල් රත්නප්‍රිය බන්දු මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු

“මීට මාසයකට විතර කලින් උතුරු පළාතේ තරුණ තරුණියො පිරිසක් එනවා මාව මුන ගැහෙන්න. ඔවුන් මගෙන් ඉල්ලීමක් කරනවා සර් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට උදව් කරන්න කැමතියි, සර්ත් අපිත් එක්ක එකතු වෙනවද අහලා,

මම ඇහුවා ඇයි ඔයගොල්ලො එහෙම තීරණයක් ගත්තේ, ඒ වෙලාවේ කියනවා සර් අවුරුදු හයක කාලසීමාවක් අපිත් එක්ක සේවය කරලා අපෙන් වෙන් වෙන්න යද්දී අපි සර්ව ඉල්ලුවා, ඒකත් එක්ක විශේෂ කාරණයක් ඔවුන් සඳහන් කළා. සර් අපි ඉල්ලුවේ වෙනම රාජ්‍යයක් හරි වෙනම නීතියක් හරි නෙවෙයි. අපි ඉල්ලුවේ අපිත් එක්ක යුද්ධ කරපු දකුණේ සිංහල බෞද්ධ හමුදා නිළධාරියෙක්. ඒකවත් අපිට නොදුන්නා නම් මේ පොරොන්දු දෙන අය අපිට මොනවා දෙයිද කියලයි ඔවුන් මගෙන් ඇහුවේ

රටේ ආරක්ෂාව, මේ ගිවිසුම් හරහා වල බලපෑම් හරහා අපේ රටේ නිදහසට බලපෑමක් වෙනවා නම් අපි එතනදීත් තීරණයක් ගන්න ඕන, අපි ඒ වෙනුවෙන් පෙනිහිටින්නත් අවශ්‍යයයි.” යනුවෙන්ද සඳහන් කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button