BREAKING NEWSEXCLUSIVEPOLITICS

අඩ සියවසකට පසුව රත්මලාන ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කරයි..!

57 වසරකට පසුව රත්මලාන ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කිරීම අද සිදු කෙරුනා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට වසර 54 කට පසු මාලදිවයිනේ ජාතික ගුවන්සේවය වන Maldivian Air හි පළමු ගුවන් යානය DH8 අද උදෑසන 8.50 ට රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලගාවිය.

ආසන 50 ක් ඇති DH 8 ගුවන් යානා සතියකට තුන් වතාවක් කාල සටහන් ගතව ක්‍රියාත්මක කරන අතර 2022 මැයි සිට එය පහක් දක්වා වැඩි වේ.

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ ඇති පහසුකම් වැඩි දියුණු කරමින් නව උප ධාවන පථය සහ ආස්තරණය කරන ලද ගුවන් යානා අංගනය හා තීරු බදු රහිත වෙලද සැල විවෘත කිරීමද සිදුවිය.

ඉදිරියේදී එහි සිට කෙටි දුර සේවා ගුවන් ගමන් ඇරඹීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button