BREAKING NEWSEXCLUSIVE
රන්මිණිතැන්න සිනමා ගම්මානයෙන් වැඩ ගන්න – ජනපති ගෝඨාභය කලාකරුවන්ට කියයි

මෙරට දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය දේශීය කලා ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරයා සහ කලාකරුවන් අතර පැවැති සුහද හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ බව අවදාරනය කළා.
දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවද ජනාධිපතිවරයා මෙහිදී සහතික වුනා.
විදෙස් කලා නිර්මාණ මෙරට නිර්මාණ ගිලා බැස ගෙන ඇති සමයක දේශීය නිර්මාණ සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයත් ජනපතිවරයා විසින් පෙන්වා දී තිබේ.