“හෑන්ඩ් ජොබ් ඕකේද” රංජන්ගේ අලුත්ම එක ලීක් – ටීනා ශනෙල්ගෙන් හෑන්ඩ් ජොබ් ඉල්ලයි

රංජන් රාමනායක විසින් පටිගත කොට දෘඪ තැටි ලෙස තබා ගත් දුරකථන ඇමතුම් හඬපට තොගයෙන් තවත් හඬපටයක් මාධ්‍යයට නිකුත් වී තිබේ.
මෙහිදි රංජන් රාමනායක අමතන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා යැයි කියන ටීනා ශනෙල් ප්‍රනාන්දු නම් කාන්තාවකි.
එහිදි රංජන් විසින් ඇය රඟපෑ ලිට්ල් ලයන් වෙළද දැන්වීමක මුදල් ලබා දීමට යැයි කියා ටීනා ශනෙල් නම් කාන්තාවට ඔහු හමුවීමට මාදිවල මන්ත්‍රී නිවාසයට පැමිණෙන්න යැයි කියයි.
මේ රටේ මහජන නියෝජිතයෙකුට මහජන බදු මුදලින් නඩත්තු වන සැප පහසු මන්ත්‍රී නිල නිවාසයක් ලබා දෙන අතර මේ අනුව පැහැදිලි වන්නේ රංජන් රාමනායක විසින් මහජන බදු මුදලින් නඩත්තු වන මන්ත්‍රී නිල නිවාස සිය පෞද්ගලික කටයුතු සඳහා අවභාවිතා කර ඇති බවයි.
මෙවැනි චෝදනාවක් එල්ල වූ පසුව ධූරයෙන් ඉල්ලා අස් වීම සාමාන්‍ය ශිෂ්ඨ ලෝකයේ සම්ප්රදාය වූවත්, උසස් පෙළ අසමත් රංජන් රාමනායක වැන්නෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වී අධිකරණ විනිසුරුවන්ට උපදෙස් දෙන ශ්‍රී ලංකාව වැනි රටක එය සිදු නොවන බව විශ්වාසය.