BREAKING NEWSEXCLUSIVE
“බන්ධනාගාරයේ කිසිම සැපක් නෑ, මෙට්ටයක් ලබා දෙන්න” රංජන්ගෙන් ඉල්ලීමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක තමන්ට මෙට්ටයක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මැගසින් බන්ධනාගාරයේ පී වාට්ටුවේ රංජන් රාමනායක මන්තී‍්‍රවරයා රඳවා සිටියි.
එම වාට්ටුවේ තවත් රැඳවූවන් 4 දෙනෙකු පමණ රඳවා සිටින අතර ඔවුන් පස්වරු 5.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා එම වාට්ටුවේ වෙන වෙනම සිර මැදිරිවල රඳවා තබන බව බන්ධනාගාර ආරංචි පවසයි.
බන්ධනාගාර නීතියට අනුව බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන්ගේ ඉල්ලීමකට මෙට්ටයක් ලබාදීමට නොහැකියි.
එය නිර්දේශ කළයුත්තේ වෛද්‍යවරයෙකු වන අතර ඊයේ දිනයේ මන්තී‍්‍රවරයා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර තිබෙනවා. මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය පරිදි තිබෙන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.