BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති සමාව නොලැබුණු රන්ජන්ව බලන්න මන්ත්‍රී මුජිබර් වැලිකඩට!

රන්ජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ වංචා කර හෝ ජනතාවගේ මුදල් අවභාවිතා කර හෝ නොව දේශපාලන සිරකරුවෙකු ලෙසින් වන හෙයින් එවන් පසුබිමක ඔහුට පොදු සමාව දීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ඔහුගේ මානව අයිතීන් වෙනුවෙන් ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button